Ceylon Tea | 150 Years

Sri Lanka celebrated 150 years of tea production in 2017. The birth of Ceylon tea can be traced back to 1867 when James Taylor started growing tea on the “Loolkandura” Estate.

Have those women and men – who have shed blood, sweat and tears for the tea they planted, who have been othered as ‘Estate Tamils’ (Malaiyaha Tamil, Tamils of Recent India Origin) – as a community, been able to obtain a better life? No.

They still don’t have a place to call home. No fair remuneration for their hard work. No ability to obtain a nutritious meal. No easy access to hospitals. No support for education compared to elsewhere in the island. The majority don’t even have a home address. They do not have the rights many fellow citizens take for granted. They are continuously used as pawns by the political parties, ostensibly representing their best interests, in every election, for parochial, political gain.

None of us enjoying a cup of tea in our comfortable homes will ever truly know the story of these leaves, picked by hands that endure so many sorrows during the course of a single year. These hands have never known nail polish or moisturiser. The dreams and aspirations of countless women, reduced to the the weight of a hanging basket, which matches the weight in their heart, as they repeat the same routine day after day.

Rather than celebrating the 150th anniversary of tea production in grand style in Colombo, forgetting the lives of the people who gave life to these  leaves; the need is for private and public entities to work together to create interventions that allow these men and women to live in dignity, by giving them access to equal rights and opportunities for development.

For life, and dignity.

ශ්‍රී ලංකාවට‘ තේ වගාව හදුන්වා දී 2017 අගෝස්තුවට වසර 150ක් සපිරුණා . 1867 දී ජේම්ස් ටේලර් විසින් මහනුවර ‘ලූල්කදුර වතුයායේ තේ වගාව ආරම්භ කිරීම ත් සමග ලංකාවේ තේ කර්මාන්තයේ උපත සිදු වුනා.
එහෙත් තේ වගාවට සිය ලේ, දහඩිය, කදුලින් දායකත්වය දක්වන වතු දෙමළ(මලෛග තමිල්) එකී ගැහැනුන්ගේ මිනිසුන්ගේ ජීවිත යහපත් වී තිබේද? දියුණු වී තිබේද ?නැත!

තවමත් ඔවුන්ට නිවසක් නෑ . සේවයට සරිලන වැටුපක් නෑ . පෝෂ්යදායී ආහාර වේලක් සදහා පහසුකම් නෑ . ඉක්මනින් ළගා විය හැකි රෝහල් නෑ . අධ්යාපනයට අවශ්ය පහසුකම් අනෙක් ප්රදේශවලට සාපේක්ෂව කෙසේවත් නෑ . බහුතරයක් මිනිසුන්ට ලිපිනයකුත් නෑ . අනෙක් මිනිසුන් ලබන බොහෝ අයිතිවාසිකම් ඔවුන්ට ලැබෙන්නේ ද නෑ. මැතිවරණයකදී පමණක් කරළියට එන මොවුන් උඩරට  දෙමළ ජාතික පක්ෂ වල මැතිවරණ ඉත්තන් බවට පමණක් හැම කාලේදිම පත් වෙනවා .

A /C කාමරයක මේ ලෝකේ මිනිසුන්ට සැපට ඉදන්  තේ කෝප්පයක් බොන්න තේ දල්ලේ ඇමිණිලා 365 දවසෙම   මේ ජිවිත විදින  දුක් මේ අත් වල සටහන් වෙලා නෑ  කියන්න අපි කාටවත් අයිතියක් වත්  විදියක් වත්  නෑ. “කියුටේක්ස්” වත් “මොයිචරයිසින් ක්රීම්” වත් මේ අත්වල කවදාවත් ගෑවිලා නෑ, ගෑනුන් විදියට තමන්ගේ හිතේ තියෙන හීන ඔක්කොම තදකරගෙන ඒ වෙනුවට පිටේ තියෙන කූඩයේ බරත් හිතේ බරත් තුරුළු කරගෙන හෙටත් කූඩල්ලෝ කන උදේ පාන්දර ඔවුන් තේ දැල්ලෙන් දවස පටන් ගනීවී .

ඉතින් අපි තේවල රස තොලගාමින්, ඒ තේ දල්ලට ජීවය දෙන මිනිසුන්ගේ ‘ජීවිතය‘ අමතක කර වසර 150 උත්කර්ෂවත් ලෙස කොළඹදී සමරමු ද? එසේත් නැතිනම් වසර 150 දී වත්, තේ නිෂ්පාදනයට තම ජීවිතයම කැපකරමින් සිටින මිනිසුන්ගේ ‘ජීවිතය‘, ඔවුන්ගේ අයිතිවාසිකම් සමග ඔවුන්ටත් සංවර්ධනයට ඇති අවස්ථා හිමිකර දෙමින්, ගෞරවනීය මිනිසුන්, ගැහැණුන් ලෙස ජීවත්වීමට අවශ්ය පරිසරය සකස් කිරීමට සමාගම් සහ ආණ්ඩුව මැදිහත් වීම නොවේ ද කළ යුතු වන්නේ?
ඒ ‘ජීවිතය‘ සහ ‘ගෞරවය‘ වෙනුවෙනි….

Hands that pluck tea Passara|Badulla District 2017
Hands that pluck tea Passara|Badulla District 2017
Hands that pluck tea Passara|Badulla District 2017
Hands that pluck tea Passara|Badulla District 2017
Hands that pluck tea Passara|Badulla District 2017
Hands that pluck tea Passara|Badulla District 2017
Hands that pluck tea Passara|Badulla District 2017
Hands that pluck tea Passara|Badulla District 2017
Hands that pluck tea Passara|Badulla District 2017