Story of ‘Daivani’ -The Oldest Tea Plucker

Her name is M. Daivani.
She was born in India on 15th November 1915 (as she vaguely remembers) and transported to Ceylon by the British to work on their first tea plantations when she was 4 years old. She worked in Spring Valley Estate, Badulla, and still lives there to this day.
“I was born in a village called “Keeramangalam’’. I left India with my parents at the age of 4. They have since returned.
‘I recall that we stayed in a couple of places for about 2-3 years. After that, we moved from estate to estate.’ ඇය නමින්, එම්.දෛයීවානී ය.(M.Daivanai) 1915 නොවැම්බර් 15 වෙනිදා,(ඇයට මතක ලෙස) ඉන්දියාවේ උපත ලද ඇය ශ්‍රී ලංකාව නම් දූපතේ ‘තේ‘ වගාව සාරවත් කර ගැනීම සදහා එවක ලංකාව පාලනය කල බ්‍රිතාන්‍යන් විසින්, ඉන්දියාවේ සිට ගෙන ආවේ අවුරුදු 4 දී.එම්.දෛයීවානී,(M.Daivanai) වැඩකලේ, ජීවත් වූයේ, තවමත් ජීවත් වන්නේ බදුල්ල, සප්‍රිංවැලි වතු යායේ .
මම ඉපදුනේ ඉන්දියාවේ ‘කීරමංගලම්’ කියන ගමේ.මම ඉන්දියාවේ ඉදලා ආවේ වයස අවුරුදු 4 දි, අම්මයි තාත්තයි තමයි මාව ලංකාවට එක්කං ආවේ. ඊට පස්සේ අම්මලා තාත්තලා මාව මෙහෙ දාලා එයාලා ඔක්කෝම ඉන්දියාවට ගියා’’
ඉන්දියාවේ ඉදලා එනකොට අතර මග අවුරුදු දෙක තුනක් හිටියා මතකයි. ඊට පස්සේ අපි වතු ගානේ ඇවිද්දා…

“ When I was 8, I was registered in the ‘’Koonapalei’’ and sent to harvest tea on the estate with a basket hanging on my back. I could not manage by myself as I was too little, so my elder sisters had to help me.They are the ones who measured the weight of the tea leaves I plucked, before I grew accustomed to it.
මට අවුරුදු 8දී කෝනපෙලෙයි වල මගේ නම ලියාපදිංචි කරලා තේ කූඬේ පිටේ එල්ලගන වත්තේ වැඩට ගියා…ඒක මට උස්සගන්න බැහැ මම පොඩි නිසා මට උදව් කරනවා අක්කලා….. අක්කලා තමයි මට දලූ ගොඩගහලා කිරලා දෙන්නේ….ඊට පස්සේ මම ටිකෙන් ටික දලූ කඩන්න එකතු කරන්න පුරුදු උනා..

 

In those days if we did not pluck enough leaves, the kangani would beat our palm. Still, we would continue to pluck while weeping. Sometimes, we were not even tall enough to pluck the tea leaves, but we had to manage.” ඒ කාලේ දලූ කැඩුවේ නැත්තං කන්කානි මහත්තයා අත දිගහරින්න කියලා අතට ගහනවා.. ඒ ගුටි කාලා අඩ අඩා තේ දලූ කඩනවා. සමහර වෙලාවට අපි උසත් නෑ, තේ දලූ කඩන්න. අපි කොහොම හරි කඩනවා..

Post War Sri Lanka

 

War Tourism Through Killing Fields |It is now a trend to visit the North after the end of a 30 year war. The government has carried out extensive constructions to provide all the facilities for this journey in North. Pilgrims from South come dressed in white, to worship the places where so many innocent lives were lost. ඝාතක බිම් මැදින් යුධ සංචාරය | යුද්ධයෙන් පසු උතුරේ ඝාතන භුමියේ සංචාරය විලාසිතාවක් බවට පත්වෙමින් තිබුනා. ඒ යුධ සංචාරය කිරීම සඳහා පැවති පාලනය පහසුකම් පවා සපයා දී තිබුනා.දකුණේ උපාසක වන්දනා නඩ සුදුවතින්ද සැර සී දරමිටි බැද, බස් පුරවාගෙන පැමිණ භක්තියෙන් මිනිසුන් මරා දමන ළද භුමීන් ශුද්ධ භුමි ලෙස වැද පුදා ගත් ආකාරය අපට මතකය. එයට තවමත් නැවතුම් තිතක් නැත
Protest held in front of welikada Prison | A number of people, arrested under the draconian Prevention of Terrorism Act (PTA), are still languishing in various prisons, some who have been imprisoned for decades without trial. Civilized nations do not consider political activity a crime and these detainees are used as tokens of a war already won, to appease Southern nationalists. The people of the South should realize that those who speak Tamil are human, just as they have realized that prisoners are human beings too. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යන අයුක්ති සහගත පනත මත අත් අඩංගුවට ගත් පුද්ගලයින් චෝදනා රහිතව තවමත් බන්ධනාගාරවල ඉන්නවා. සමහරු දශක ගණනක් නඩු නැතිව සිර භාරයේ. දේශපාලනය කිරීම වරදක් ලෙස සැළකීම ශිෂ්ට රාජ්‍යයන් නොපිළිගන්නා කරුණක්. මේ පුද්ගලයන්ව රඳවා ගෙන ඉන්නේ දකුණේ ජාතිවාදය පිනවීමට යුද්ධයෙන් අත් කරගත් ජයග්‍රහණයේ සංකේත වශයෙන්. සිරකරුවන් මනුෂ්‍යයන් වන්නා සේම දෙමළ කතා කරන්නෝද මනුෂ්‍යයෝ බව දකුණ දැන්වත් තේරුම් ගත යුතුයි.
Political activists Lalith Kumar Weeraju and Kugan Murugan were abducted near Jaffna on December 09, 2011. The two men are still categorized as ‘missing,’ although there was a court inquiry. How can they still be missing? What happened to Lalith and Kugan? Who made them ‘disappear’? These are the questions that those with a conscience must continue to ask authorities. දේශපාලන ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගන්තන් නාදුනන පිරිසක් විසින් පැහැර ගනු ලබන්නේ 2011 දෙසැම්බර් 09 වනදාය. ඒ යාපනයට ආසන්න ප්‍රදේශයකදීය.  අනතුරුව ඔවුන් දෙදෙනාත් මේ වන විට එකතු වී ඇත්තේ ‘අතුරුදන් කිරීම්‘ නැමති ලේඛනයටය. ඒ අතුරුදන් කිරීම ගැන අධිකරණයේ දී කිහිප විටක්ම විමසීම් සිදු වුවද, වර්තමානය වන විට එ පිළිබද කිසිදු සළකුනක් නැති සේයකි. ලලිත්-කූගන්ට කුමක් වුණිද? ඔවුන් අතුරුදන්ක ළේ කවුද? හෘද සාක්ෂියක් ඇති මිනිසුන් බලධාරින්ගෙන් ඇසිය යුතුමය.
Rathupaswela , Where public was attacked after asking for Pure drinking water
The South that celebrated when the guns of soldiers were trained on the North, soon felt the wrath of the same guns, carried by the same men they once cheered. The concept of patriotism and a heroic army are nothing but tools used to hide the ugliness of state suppression. If the demands of Anthony from Chilaw and the Rathupaswala protesters, fighting for socio – economic rights, were met with bullets, it is not hard to imagine how the people of the North, who were demanding political rights, were treated. Haven’t enough people from the South paid with their lives for people to come to this realization? උතුරට වෙඩි තියද්දී කිරිබත් කෑ දකුණට ඒ තුවක්කු කටම එල්ල වුණා.දේශප්‍රේමයත් රණවිරුවනුත් රාජ්‍ය මර්දනය වසන්නට යොදන සංකල්පීය සැරසිලි මිස අන් යමක් නොවෙයි. රතුපස්වල ජනයාටත් හලාවත ඇන්ටනීටත් අයිතිවාසිකම් වෙනුවට වෙඩි උණ්ඩ දුන්නා නම් දේශපාලන අයිතීන් ඉල්ලූ උතුරට සැළකූ හැටි ගැන නිදසුන් අවැසි නැත. දකුණට ඒ සත්‍ය පිළිගන්නට තවම මරණ මදිද?

What if these bullet-strewn walls, these broken windows and doors, remnants of houses devastated during the war, could talk? How many stories would they have to tell? Stories of love for those who lived there, turned into tales of pain and suffering – how searing these awful memories are. යුද්ධයට හිස දන්දුන් නිවෙස්වල වෙඩි වැදුණු බිත්තිවලටත් ගැලවුණු දොර ජනෙල්වලටත් කියන්නට කතා කොපමණ ඇතිද? එහි සිටියවුන්ගේ ආදර කතා වේදනා විලාපයන්ට හැරවුණු අයුරු, පතුරු ගැලවෙන මතකවල දෙවියන් නොසිටි අයුරු.

Human Rights activist, Pattani Razik goes missing on February 11, 2010. Over 7 years have passed since his death. However it seems that his death has been forgotten and that justice will not prevail. On July 28, 2011, a corpse suspected to be of Pattani Razik was found in Valaichchenai, identified by his son Rizkan. Where is justice? මානව හිමිකම් කි‍්‍රයාදරයෙක් වන පට්ටානී රසීක් මහතා අතුරුදහන් වන්නේ 2010 පෙබරවාරි මස 11 වන දිනය. නමුත් මේ වනවිට එම ඝාතනයට වසර 7කටත් වඩා ගත වී ඇතත් ඒ සම්බන්ධව යුක්තිය ඉටුවන බවක් පෙනෙන තෙක් මානයකවත් නැත. අතුරුදහන් වූ රසීක්ගේ සිරුර යැයි සැක කළ හැකි සිරුරක් 2011 ජූලි මස 28 දින වාලච්චේන ප‍්‍රදේශයෙන් හමු වෙන අතර රසීක්ගේ පුත් රිස්කාන් එය තම පියාගේ යයි හදුනා ගන්නා ලදී.
Jeyakumari Balendran, a leading activist against the enforced disappearance of Tamils, was arrested by the security forces on March 13, 2014 in an area near Kilinochchi. Although there was no evidence to support the charges levelled against her at the time of her arrest, she had to undergo extended detention while the investigations against her were carried out at an extremely slow pace by officials of the Rajapaksa regime. On March 10, 2015, after 362 days, Jeyakumari Balendran was released on bail. Jeyakumari Balendran thanked the Sirisena government for releasing her. But the investigating officers, who could not find evidence to support any of the charges against her, summoned her to Colombo two months later. That is how justice is served in Sri Lanka. (One day she met an elderly man at the Kilinochchi Kovil who told her about his son who was taken away. He told her not to lost hope and assured her that her son will return. ‘Trust me,’ he said, giving her a statue of a deity, which Jeyakumari still has in her travelling bag, ‘keep this and come and see me when your son returns.’ Jeyakumari says, ‘I believe that my son will return.’  අතුරුදහන් කිරීම් වලට එරෙහිව පෙරමුණ ගත් ක්‍රියාකාරිනියක් වූ ජෙයකුමාරි බාලෙන්ද්‍රන් නම් ඇය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ 2014 මාර්තු 13වනදාය. ඒ කිළිනොච්චිය ආශ්‍රිත ප්‍රදේශයකදීය.  ඇයව අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඉදිරිපත් කළ චෝදනාවන් ඔප්පු කළ හැකි ආකාරයේ කිසිඳු පිළිගත හැකි සාක්ෂියක් නොමැතිව වුව දිගින් දිගටම ඇදී යන රඳවා තබා ගැනීමේ කි‍්‍රයාවලියකට ලක්වන්නට ජෙයකුමාරීට සිදු විය.  ඒත් සමග ඇයට එල්ලව ඇති චෝදනා සම්බන්ධයෙන් රාජපක්ෂ ආණුඩුවේ නිළධාරීන් විසින් කෙරන විමර්ශන කටයුතු අතිශය මන්දගාමීව ඇදී යමින් පැවතුනු අතර,   2015 මාර්තු 10 වනදා කිසිදු චෝදනාවක් නැතිව දින 362ක් සිරගත කර සිටි ජෙයකුමාරි ඇපමත නිදහස් කළාය. ‘අලුත් ආණ්ඩුවට ස්තූතිවන්ත වෙනවා, මාව නිදහස් කළ එකට‘ ඇප ලබා අධිකරණයෙන් එළියට පැමිණි ජෙයකුමාරි කීවාය. නමුත් ජෙයකුමාරිට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනුකර ගැනීමට නොහැකි විමර්ශන නිළධාරීන් තවමත් මාස 2කකට වතාවක් ඈ කොළඹට කැදවයි. ඒ අපේ රටේ යුක්තිය විසදන අයුරුය. ඇයට දිනක් කිලිනොච්චියේ කෝවිලේ දී වයසක මිනිසෙක් දි මුණ ගැසෙනවා.ඔහු ජෙයකුමාරිත් සමග කතාකළ පසු අතුරුදහන්කරන ලද පුතා ගැන කියනවා.‘ඒ වයසක කෙනා මට කිව්වා පුතා කවදා හරිඑනවා, මාව විශ්වාස කරන්න. මෙන්න මේකතියාගන්න.පුතා ආපු දවසක ඇවිල්ලා මට මොනවා හරිදෙන්න‘ ජෙයකුමාරි සිය ගමන් බෑගයේ ඉතා පරෙස්සමට සගවා තිබූ දේවප්‍රතිමාවක් අතට ගනිමින්, මට විශ්වාසයි එයා එනවා‘ ඇය කිවාය.
This is Sellamma. The army acquired her home during the war. She finally got her property back, after many months of struggling. But the house is nothing like the one the army took over. It has been vandalized, stripped of everything including electric plugs. At the entrance of her house is a notice that declares that the army had taken over her house. However kindness still remains in her heart. She embraces us warmly when we visit her. But she still bears the pain of being considered an outcast in her own country.  මේසෙල්ලම්මා. ඇගේ දේපල යුධ සමයේදී රජයේ හමුදා විසින් අත් කරගන්නවා. වසර ගණනක දීර්ඝ අරගලයකින් පසුව ඇගේ දේපල නිදහස් කරගත්තත්, ඒ තිබූ තත්ත්වයෙන් නොවෙයි. නිවස විනාශ කර විදුලි පේණු පවා ගලවාගෙන ගිහින්. මේ හමුදාවට වෙන් කර ඇති බවට ලියූ සටහන තවමත් ඇගේ නිවසේ ඉදිරි බිත්තියේ තියෙනවා.අපි ඈ හමුවෙන්න ගිය විට අපිව සිප වැළඳගන්නවා. ඒත් තමන්ගේ රටේ තමන් පිටස්තරයෙක් වීමේ කෙනෙහිලිකම් ඇය තවමත් උසුලනවා.
15th & 16th of June 2014 Dhrga Town,Aluthgama After the brutal suppression of the political struggle of the Tamil people, the Southern government wanted to find another enemy to keep the majority race occupied. Sinhala Buddhist nationalists commenced the operation of making Muslims the ‘other’ to the Sinhalese, leading to the Aluthgama riots. What was damaged was not only Muslim-owned property. The riots also left behind a scar that can never be healed again. Is it not our duty, not to cover it up with ‘compensation’ and pretend nothing happened, but to ensure that such tragedies never recur? දෙමළ ජනයාගේ දේශපලන අරගලය සමතලා කිරීමෙන් පසු දකුණේ ආණ්ඩුවට මහජාතිය උදෙසා අලුත් සතුරෙක් වුවමනා වුණා. සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදීන් විසින්  වාර්ගික අනෙකා බැහැර කිරීමේ අමානුෂික මෙහෙයුම මුස්ලිම් ප්‍රජාව වෙත නැවත වටයකින් ආරම්භ කළා. ඒ අන්තවාදී ගින්නෙන් දැවී අළු වුණේ මුස්ලිම් ජනයාගෙ දේපල විතරක් නොවෙයි. නැවත සුවකළ නොහැකි ගැඹුරු කැළැල් ඉතිරි වුණා.

 

Ceylon Tea | 150 Years

Sri Lanka celebrated 150 years of tea production in 2017. The birth of Ceylon tea can be traced back to 1867 when James Taylor started growing tea on the “Loolkandura” Estate.

Have those women and men – who have shed blood, sweat and tears for the tea they planted, who have been othered as ‘Estate Tamils’ (Malaiyaha Tamil, Tamils of Recent India Origin) – as a community, been able to obtain a better life? No.

They still don’t have a place to call home. No fair remuneration for their hard work. No ability to obtain a nutritious meal. No easy access to hospitals. No support for education compared to elsewhere in the island. The majority don’t even have a home address. They do not have the rights many fellow citizens take for granted. They are continuously used as pawns by the political parties, ostensibly representing their best interests, in every election, for parochial, political gain.

None of us enjoying a cup of tea in our comfortable homes will ever truly know the story of these leaves, picked by hands that endure so many sorrows during the course of a single year. These hands have never known nail polish or moisturiser. The dreams and aspirations of countless women, reduced to the the weight of a hanging basket, which matches the weight in their heart, as they repeat the same routine day after day.

Rather than celebrating the 150th anniversary of tea production in grand style in Colombo, forgetting the lives of the people who gave life to these  leaves; the need is for private and public entities to work together to create interventions that allow these men and women to live in dignity, by giving them access to equal rights and opportunities for development.

For life, and dignity.

ශ්‍රී ලංකාවට‘ තේ වගාව හදුන්වා දී 2017 අගෝස්තුවට වසර 150ක් සපිරුණා . 1867 දී ජේම්ස් ටේලර් විසින් මහනුවර ‘ලූල්කදුර වතුයායේ තේ වගාව ආරම්භ කිරීම ත් සමග ලංකාවේ තේ කර්මාන්තයේ උපත සිදු වුනා.
එහෙත් තේ වගාවට සිය ලේ, දහඩිය, කදුලින් දායකත්වය දක්වන වතු දෙමළ(මලෛග තමිල්) එකී ගැහැනුන්ගේ මිනිසුන්ගේ ජීවිත යහපත් වී තිබේද? දියුණු වී තිබේද ?නැත!

තවමත් ඔවුන්ට නිවසක් නෑ . සේවයට සරිලන වැටුපක් නෑ . පෝෂ්යදායී ආහාර වේලක් සදහා පහසුකම් නෑ . ඉක්මනින් ළගා විය හැකි රෝහල් නෑ . අධ්යාපනයට අවශ්ය පහසුකම් අනෙක් ප්රදේශවලට සාපේක්ෂව කෙසේවත් නෑ . බහුතරයක් මිනිසුන්ට ලිපිනයකුත් නෑ . අනෙක් මිනිසුන් ලබන බොහෝ අයිතිවාසිකම් ඔවුන්ට ලැබෙන්නේ ද නෑ. මැතිවරණයකදී පමණක් කරළියට එන මොවුන් උඩරට  දෙමළ ජාතික පක්ෂ වල මැතිවරණ ඉත්තන් බවට පමණක් හැම කාලේදිම පත් වෙනවා .

A /C කාමරයක මේ ලෝකේ මිනිසුන්ට සැපට ඉදන්  තේ කෝප්පයක් බොන්න තේ දල්ලේ ඇමිණිලා 365 දවසෙම   මේ ජිවිත විදින  දුක් මේ අත් වල සටහන් වෙලා නෑ  කියන්න අපි කාටවත් අයිතියක් වත්  විදියක් වත්  නෑ. “කියුටේක්ස්” වත් “මොයිචරයිසින් ක්රීම්” වත් මේ අත්වල කවදාවත් ගෑවිලා නෑ, ගෑනුන් විදියට තමන්ගේ හිතේ තියෙන හීන ඔක්කොම තදකරගෙන ඒ වෙනුවට පිටේ තියෙන කූඩයේ බරත් හිතේ බරත් තුරුළු කරගෙන හෙටත් කූඩල්ලෝ කන උදේ පාන්දර ඔවුන් තේ දැල්ලෙන් දවස පටන් ගනීවී .

ඉතින් අපි තේවල රස තොලගාමින්, ඒ තේ දල්ලට ජීවය දෙන මිනිසුන්ගේ ‘ජීවිතය‘ අමතක කර වසර 150 උත්කර්ෂවත් ලෙස කොළඹදී සමරමු ද? එසේත් නැතිනම් වසර 150 දී වත්, තේ නිෂ්පාදනයට තම ජීවිතයම කැපකරමින් සිටින මිනිසුන්ගේ ‘ජීවිතය‘, ඔවුන්ගේ අයිතිවාසිකම් සමග ඔවුන්ටත් සංවර්ධනයට ඇති අවස්ථා හිමිකර දෙමින්, ගෞරවනීය මිනිසුන්, ගැහැණුන් ලෙස ජීවත්වීමට අවශ්ය පරිසරය සකස් කිරීමට සමාගම් සහ ආණ්ඩුව මැදිහත් වීම නොවේ ද කළ යුතු වන්නේ?
ඒ ‘ජීවිතය‘ සහ ‘ගෞරවය‘ වෙනුවෙනි….

Hands that pluck tea Passara|Badulla District 2017
Hands that pluck tea Passara|Badulla District 2017
Hands that pluck tea Passara|Badulla District 2017
Hands that pluck tea Passara|Badulla District 2017
Hands that pluck tea Passara|Badulla District 2017
Hands that pluck tea Passara|Badulla District 2017
Hands that pluck tea Passara|Badulla District 2017
Hands that pluck tea Passara|Badulla District 2017
Hands that pluck tea Passara|Badulla District 2017