Calling Sri Lanka the ‘teardrop of the Indian Ocean’ instead of the pearl would be more befitting as its history is laden with pain and horror. Everyday the people in this country are pushed to the brink of tears.
This land is wet with the blood of thousands of courageous people who fought for rights and justice for all. Some ‘disappeared’. Others were attacked in public, forced to silence the voices they raised for justice. The blanket term ‘national security’ can deprive someone of every hard-earned asset in their lifetime. In the blink of an eye, it has deprived people of familial love, community and even the homes they have lived in for generations.
At times visible, at times intangible, what shapes everything that happens in Sri Lanka is the ever-present spectre that is the military. Along with this force are the numerous development projects, each of which hide injustice under a blanket of attractive promises.
One point is clear; if one were to look at the island’s history on a continuum, the messengers of justice and equality have been threatened, killed or psychologically broken. Should we turn our backs on their message?
Justice through a camera lens
It has been 8 years since the guns fell silent after nearly three decades of war. Where life and livelihoods have withered away, the demand of the country’s people has been for justice.
Capturing justice through a camera lens is a challenging task. The South of Sri Lanka has its own interpretations of the word, and therefore communicating justice to them has proved to be a challenge. We are all responsible for working together to improve the lives of those whose past holds violence and trauma.
Questions may be raised on whether justice can or cannot be achieved through photos and pictures, but it cannot be denied that these are helpful in outlining the nature of the struggle for justice. We cannot escape from a photo that captures and confronts us with our own flaws and inaction. The photo is an instrument to remind and question the collective accountability of communities in order to avoid violence and terror in the country.
Our plea to you now is to stand with those who fight for justice, in commitment to those who wait for answers and solutions. That we will not be silenced until the victory is won, until we can hear the gospel of justice and love ring true.
පශ්චාත් යුධ ශ්‍රීලංකාව : යුක්තිය හා ජිවිතය වෙනුවෙන්
ඉන්දීය සාගරයේ මුතු ඇටය කියලා ඈත අතීතයේදී ලංකාවට කිව්වේ මොන හේතුවට වුනත් මේ දූපත තුළ සිදු වූ සහ සිදුකළ දේවල් ගැන ගණන් බැලුවාම ඇත්තටම අපි ඉන්දියන් සාගරයේ කඳුළු බින්දුව. මොකද මේ රට දෛනිකව මිනිසුන්ගේ කඳුළු හලන රටක්.
තමන්ගේ අයිතීන් වෙනුවෙන් අරගල කරපු ධෛර්‍යවන්ත මිනිසුන්ගේ ජීවිත දහස් ගණනක් මේ භූමිය අපට අහිමිකළා. තවත් සමහරු අතුරුදහන්කළා, තවත් සමහරුන්ට මහ මග පහර කන්න සිද්ධ වුනේ අයිතීන් වෙනුවෙන් අරගල කළ නිසාවෙන්. ඒ විතරක් නෙමෙයි, තමන් ජීවිත කාලය පුරාම උපයා ගත්ත ධනය, ආදරය, බැදිම්, තමන් පරම්පරා ගණනක් ජීවත්වුණු ගෙවල් දොරවල් වගේම ජිවිතයේ හැමදෙයක්ම මේ දුපත තුළ සුනු විසුණු වෙලා යන්න ගත උනේ, බොහොම පොඩි කාලයක්. ඒකට අවශ්‍ය වන්නේ ජාතික ආරක්ෂාව වගේ බර තියෙන කෙටි වචන.
අපේ ජිවිත වල අවසන් වූ සියල්ලක්මද, සිදුවෙමින් පවතින සියල්ලක්මද තීරණය කරමින් සිය ආධිපත්‍ය පෙනෙන හා නොපෙනෙන ලෙස මේ වනවිටත් අප වෙත මුදා හරිමින් සිටින්නේ, මිල්ටරිය නම් යක්ෂයාගේ ආත්මයත්, ඔහුගේම ආත්ම සගයා වන ඊනියා මහා සංවර්ධන ව්‍යාපෘති නම් ශරීර හැඩගත් සර්පයාත් ය.
දූපත් ඉතිහාසය එක් සරල රේඛාවක් මත තබා බැලුවිට එක් දෙයක් ඉතා පැහැදිලිය. ඒ ඉතිහාසය පුරා මර්ධනයට, තර්ජනයට ලක්වු සියල්ලෝම මේ දූපතට යුක්තියේත්, මියෙමින් තිබෙන ආදරයෙත් සුභාරංචිය ගෙන එන්නට අරගල කළවුන් වීමයි. එහෙත් අප නැවතිය යුතුද ?
යුක්තියේ ඉල්ලීම කැමරාගත කිරීම
අවුරුදු 30 ක යුද්ධයකුත්, ආයුධ නිහඩ වී අවුරුදු 8කුත් දැනටමත් ගතවෙලා. එහෙත් යුද්ධයෙන් තමන් සතු සියල්ලම අහිමි වූ මොහොතක ද සමස්ත ජනයා වන අපට මෙරටින් ද, මෙරට පාලකයන්ගෙන්ද නැවත නැවතත් ඉල්ලා සිටින්නට වී ඇත්තේ යුක්තිය යි.
දකුණ විසින් විවිධාකාරයෙන් අර්ථ ගන්වා ඇති යුක්තිය මේ මොහොතේත් කැමරාගත කිරීම අති දුෂ්කර කාර්යයක්. යුක්තියේ ඉල්ලීම දකුණට සම්මුඛ කිරීම වෙනුවෙන් අපට වෙහෙසකර අභ්‍යාසයක යෙදීමට වීම අනිවාර්යයක්. තනිව නිහඩව නින්දෙන් ඉකිගසමින් හඩන මිනිසුන් වෙනුවට ආදරයෙන් ජීවිතය දකින, එකී ආදරයේ සුවඳ බෙදාගනිමින් ජීවිතය විදින ගෞරවනීය මිනිසුන් මෙරටින් දකින්නට අපට කළ යුතුව ඇති වැඩකොටස සුළුපටු නොවේ.
මෙහිදී අරගල රූපගත කිරීම් වලින් පමණක් යුක්තිය ඉටු නොවීම හෝ ඉටුවීම වෙනම කාරණයක්. නමුත් අපිට පුලුවන් අරගලයේ ස්වරූපයන් හා ජිවත්වීම් රූප හරහා ජනයාට සම්මුඛ කරන්නට. පින්තූරයක් හා සම්මුඛ වන මොහොතක් කියන්නේම වෙනත් තර්කයක් තබා අපට පැන යාමට බැරි මොහොතක්. සාමූහිකත්වය පිලිබඳ තමන්ගේ වගකීම නැවත නැවතත් තම මුහුනටම අල්ලා පෙන්වන මොහොතක්.
ඒ නිසා අපි ඔබට මේ මොහොතේ යෝජනා කරන්නේත්, බල කරන්නෙත් අරගල කරනා මිනිසුන් වෙනුවෙන් යුක්තිය උදෙසා එක පෙළට සිටගන්නටය . යුක්තිය අවැසි බැව් උණුසුම් හදවත් ඇති තවත් දහස් ගණනක් නිහඩ මිනිසුන්ට අපි කියමු. එවන් හදවත් සමඟ යුක්තිය වෙනුවෙන් අරගල කරමු’යි, අවසන් හුස්ම තෙක්ම අරගල කරමු’යි යන්නය.
එදිනට යුක්තියේත්, ආදරයෙත් සුභාරංචිය අපිට ඇසෙනු ඇති..